කෙන්යාවේ  පළමු   කොරෝනා වෛරසය  සම්බන්ධ මරණය වාර්තා කර ඇත.

 66 හැවිරිදි පුරවැසියෙකු වන මෙම රෝගියාට දිගු කාලීන සෞඛ්‍ය තත්ත්වයක් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා සවස පැවසා ඇත.

 “දියවැඩියාවෙන් පෙළෙන මෙම පුද්ගලයා මාර්තු 13 වනදා දකුණු අප්‍රිකාවේ සිට ස්වාසිලන්තය හරහා කෙන්  යාවට  පැමිණ ඇති බව එරට සෞඛ්‍ය කැබිනට් ලේකම්  නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

 රෝගියා බ්‍රහස්පතින්දා දහවල් අගා ඛාන් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මිය ගොස් ඇත.

 බ්‍රහස්පතින්දා කෙන්යාව විසින් තවත් COVID-19  වෛරස් රෝගීන් 3 දෙනෙකු තහවුරු කර ඇති අතර එය ආසාදිත සංඛ්‍යාව 31 දක්වා ඉහළ නැංවීය.

- The Nation ඇසුරින්.-