එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යාංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව නිර්මාණය කරන ලද ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරය 2020 මාර්තු 26 විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී දියත් කරන ලදී.
මෙම වෙබ් සම්බන්ධකතාව, මෙම අමාත්‍යාංශයේ www.mfa.gov.lk වෙබ් අඩවිය මතම සලසා දී ඇති අතර, www.contactsrilanka.mfa.gov.lk හරහා ද මෙම වෙබ් අඩවියට පිවිසිය හැකිය.
COVID-19 පැතිර යෑමට එරෙහිව සටන් කිරීමට සහ කඩිනම්, වේගවත් හා කාර්යක්ෂම සේවා සැපයුමක් සඳහා ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගැනීම පිණිස රජයේ සියලුම
පාර්ශ්වකරුවන්ගේ ප්රයත්නයන් සම්බන්ධීකරණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කළ ඉල්ලීමට අනුව මෙම මාර්ගගත ද්වාරය පිහිටුවීම සිදු කෙරිණි.
පාර්ශ්වකරුවන්ගේ ප්රයත්නයන් සම්බන්ධීකරණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කළ ඉල්ලීමට අනුව මෙම මාර්ගගත ද්වාරය පිහිටුවීම සිදු කෙරිණි.
COVID19 පැතිර යාම වැනි හදිසි අවස්ථාවන්හි දී ශ්‍රී ලංකා රජයට ඔවුන් වෙත ළඟා වීමට සහ ආධාර සැපයීමට එය ඉඩ සලසයි.
(News.lk )
0 Comments