නිරෝධනයට ලක්වී තවත් 132ක් නිවෙස් බලා පිටවේ... [
විදෙස් රටවල සිට පැමිණෙන යුද හමුදා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනය වූ තවත් කණ්ඩායමක් අද (30) සිය නිවෙස් බලා පිටත්ව යන ලදී.
ඒ අනුව 132 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස පිටත්ව ගොස් තිබේ.
මින් පුද්ගලයින් 76 දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිට ඇති අතර සෙසු 56 දෙනා පූනානි හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිට තිබේ.
ඒ අනුව මේ වන විට නිරෝධායනයට ලක්ව සිය නිවෙස් වෙත පිටත්ව ගිය සංඛාව 1565 ක් බව යුද හමුදාව සඳහන් කළේය.
0 Comments